කොරෝනා රෝගීන් 9 ක් සුවය ලබයි
Saturday, 03 October 2020 - 13:41 | Views - 622
කොරෝනා ආසාදිත තවත් 9 දෙනෙකු අද(03) දිනයේත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,254 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. කොරෝනා ආසාදිත 121 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
මේ අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයන් 524 දෙනෙකු අද(03) නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව යළි පී.සී.ආර්. පරික්ෂාවන්ට භාජනය කර එලෙස නිවෙස් වෙත පිටත් කර යැවූ බවයි.
ඒ අනුව අද දිනය වනවිට පුද්ගලයන් 47,542 කු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති අතර, මේ වනවිට තවත් පුද්ගලයන් 7,037 දෙනෙකු මධ්‍යස්ථාන 79 ක් තුළ නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.
ඊයේ දිනයේත් නව කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3388 දක්වා ඉහළ ගියා.
Share This Article