සුඛෝපභෝගී වාහන 300 ක් රේගුවේ සිරවේ
Saturday, 03 October 2020 - 13:24 | Views - 725
කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු පැනවුනු ආනයන පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට ගෙන්වූ සුඛෝපභෝගී වාහන 300ක් පමණ රේගු භාරයට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ එම සුඛෝපභෝගී වාහනවල ණයවර ලිපි නිසි කළට විවෘත කර නොමැති බවයි.
ඊට අදාළ විමර්ශනද මේ වනවිට අවසන් අදියරේ පවතින අතර, ඉන් ඇතැම් වාහන රාජසන්තක විය හැකි බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.
Share This Article