ගිනිගත් නිව් ඩයමන්ඩ්, නාවික සැතපුම් 90 ක් ඈතට
Saturday, 03 October 2020 - 13:18 | Views - 775
ගිනිගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට ගිණිකොණ දිග මුහුදු තීරයේ පිහිටි කුඩා රාවණා කොටුවේ සිට නාවික සැතපුම් 90 ක් දුරින් පවතින බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
එහි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ තවදුරටත් නෞකාව සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර සහ සයුර නෞකා දෙක ගමන් කරන බවයි.
ගිනිගත් නිව් ඩයමන්ඞ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපය වෙතට රැගෙන යන බව වාර්තාවනවා.
නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වලදී වැය වූ මුදල් සහ වන්දි ගෙවීමේ සහතිකය මත නැව රැගෙන යාමට අවසර ලබාදී තිබුණා.
පසුගිය මස 3 වැනිදා උදෑසන මෙම නෞකාවේ එන්ජින් කාමරය තුළ ගින්නක් හටගනු ලැබුවේ කුවේට් හි මිනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ ඔඩීෂා හි පරදීප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑදහසක් රැගෙන යමින් සිටියදියි.
පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය එක්ව දින කිහිපයක් තුළ මෙම ගින්න පාලනය කරනු ලැබුවා.
Share This Article