සෙරීනාට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය අහිමි වෙයි
Friday, 02 October 2020 - 16:20 | Views - 417
ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව තුන් වතාවක් ජයග්‍රහණය කළ සෙරීනා විලියම්ස්ට මෙවර එම තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිය පාදයේ ආබාධයක් හේතුවෙන් සෙරීනාට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ පළමු වටයේදී සෙරීනා විසින් තරග වට 3-0ක් ලෙසින් ඇමරිකානු ජාතික ක්‍රීඩිකා කිස්ටි අහන් පරාජයට පත් කළ අතර පසුව ඇති වූ පාදයේ ආබාධය හේතුවෙන් තරගාවලියේ දෙවන වටයේ තරග සඳහා ඇයට සහභාගිවීමට නොහැකි වී ඇති බවයි සඳහන් වන්නේ. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෙරීනා ‘මම හිතන්නේ මට සති හතරක් හෝ හයක් විවේක ගැනීමට අවශ්‍යයි. මම ගොඩක් වෙහෙසට පත් වෙලා ඉන්නේ. එ නිසා යථා තත්ත්වයට පත්වීමට විවේකය අවශ්‍යයි. මම උත්සාහ කරන්නේ සෑම තරගයකදීම සියයට සියයක් මගේ උපරිමය කරන්න. මේ තත්ත්වය මත මේ අවුරුද්දේ තවත් තරගාවලියක් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් මට තියේවිද කියලා කියන්න බැහැ’ යයි පවසා තිබෙනවා.

මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන සෙරීනා විලියම්ස් විසින් 2002,2013 සහ 2015 වසරවලදී ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සමත් වූවා. ඇය ඇමරිකානු ග්‍රෑන්ඞ් ස්ලෑම් කේවල ටෙනිස් ශූරතාව 23න් වතාවක් දිනා ගැනීමටද සමත්ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top