නිව් ඩයමන්ඩ් නෞකාවට ඔබ්බෙන් මුහුදු තීරයේ කැස්බෑවුන්ගේ චර්යාත්මක වෙනසක්
Friday, 02 October 2020 - 16:07 | Views - 576
ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ කැස්බෑවන්ගේ චර්යාත්මක වෙනසක් නිරික්ෂණය වී ඇති බව නාරා හෙවත්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය පවසනවා.
පසුගිය සැප්තැම්බර් 09 වනදා එම ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් සිදු කළ පරික්ෂාවකදී මේ බව නිරික්ෂණය වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුවීම මෙලෙස කැස්බෑවුන්ට බලපා ඇත්ද යන්න පිළිබඳව අනාවරණ කරගැනීම සඳහා අදාළ මුහුදු ප්රදේශයේ ජල සාම්පල මේ වනවිට පරික්ෂාවට ලක් කරමින් පවතින බවයි නාරා ආයතනය වැඩිදුරටත් ප්රකාශ කළේ.
Share This Article