මුදල් සංශෝධන කෙටුම්පතේ දෙවන වර කියවීම ලබන 6 වනදා
Friday, 02 October 2020 - 16:00 | Views - 313
ලබන 6 වනදා සිට 9 වනදා දක්වා මීළඟ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට අද(02) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන 6 වනදා මුදල් සංශෝධන කෙටුම්පතේ දෙවන වර කියවීම සහ ආනයනය - අපනයන පාලන පනතට ඉදිරිපත් කර ඇති රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.
ඔක්තෝම්බර් 7 වනදා ජාතිය ගොඩනැගීමේ සංශෝධන බදු පනත් කෙටුම්පත දෙවනවර කියවීම, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සහ වරාය සහ ගුවන්තොටුපල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම විවාදයට ගැනෙනවා.
එමෙන්ම, ඔක්තෝම්බර් 8 වනදා සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විදේශ ගිවිසුම් පිළිබඳ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ.
Share This Article