සුපිරි නළු ශාරුක් ඛාන් සහ දිනේෂ් කාර්තික්ගේ සමාජ මාධ්‍ය කැළඹු අපුරු දසුන
Friday, 02 October 2020 - 15:12 | Views - 383
බොලිවුඩ් සිනමාවේ අති දැවැන්ත පුරුකක් තමයි ශාරුක් ඛාන් කියන්නේ. ඉතින් මෑතකදී ඔහුගේ නවතම පුවතක් පිළිබදව සමාජ මාධ්‍ය කැළඹී තිබෙන අතර විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ මෙමගින් සමාජ මාධ්‍ය පුරාවට ඔහුගේ ඡායාරූප  සහ විඩියෝ පිරි ඉතිරි ගොස් තිබෙන බවයි.

පසුගිය බදාදා  දින අයි.පී.එල්. තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය පැවැත්වුණු අතර  ක්‍රීඩක ශිවම් මාවිගේ ප්‍රබල පන්දු යැවීම හේතුවෙන් කේ.කේ.ආර් ලකුණු 37 කින් මෙම තරගය ජය ගැනීමට සමත් වුනා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරු සහ බොලිවුඩ් සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් ද තරගය නැරඹීමට පැමිණ තිබුණු අතර  කොල්කටා තරගය ජයගත් වහාම නායක දිනේෂ් කාර්තික් පිටතට ගොස් ෂාරුක් ඛාන් දෙස බලා   මුලින්ම  ආචාර කර තිබෙන අතර බොලිවුඩ් නළු ශාරුක් ද පසුව ඒ දෙස බලා එලසම කර තිබෙනවා.

තියුණු කැමරා ඇසට සටහන් වූ මෙම අහඹු සිදුවීම කෙරෙහි ලොව පුරා බොහෝදෙනාගේ අවධානය යොමු වී තිබුණු අතර  මෙම වීඩියෝව සමාජ මාධ්‍යවල වැඩි වැඩියෙන් වෛරසයක් ලෙස පැතිර ගොස් තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top