බොලිවුඩ් සිනමාවේ අති දැවැන්ත පුරුකක් තමයි ශාරුක් ඛාන් කියන්නේ. ඉතින් මෑතකදී ඔහුගේ නවතම පුවතක් පිළිබදව සමාජ මාධ්‍ය කැළඹී තිබෙන අතර විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ මෙමගින් සමාජ මාධ්‍ය පුරාවට ඔහුගේ ඡායාරූප සහ විඩියෝ පිරි ඉතිරි ගොස් තිබෙන බවයි.
පසුගිය බදාදා දින අයි.පී.එල්. තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය පැවැත්වුණු අතර ක්‍රීඩක ශිවම් මාවිගේ ප්‍රබල පන්දු යැවීම හේතුවෙන් කේ.කේ.ආර් ලකුණු 37 කින් මෙම තරගය ජය ගැනීමට සමත් වුනා.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරු සහ බොලිවුඩ් සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් ද තරගය නැරඹීමට පැමිණ තිබුණු අතර කොල්කටා තරගය ජයගත් වහාම නායක දිනේෂ් කාර්තික් පිටතට ගොස් ෂාරුක් ඛාන් දෙස බලා මුලින්ම ආචාර කර තිබෙන අතර බොලිවුඩ් නළු ශාරුක් ද පසුව ඒ දෙස බලා එලසම කර තිබෙනවා.
තියුණු කැමරා ඇසට සටහන් වූ මෙම අහඹු සිදුවීම කෙරෙහි ලොව පුරා බොහෝදෙනාගේ අවධානය යොමු වී තිබුණු අතර මෙම වීඩියෝව සමාජ මාධ්‍යවල වැඩි වැඩියෙන් වෛරසයක් ලෙස පැතිර ගොස් තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.