ලෝක ළමා දිනයදා කුසගින්නේම හත්වන උපන්දිනය සැමරූ, මවත් අහිමි චතුරිකා පුංචි දියණියගේ සංවේදී කතාව - Photos
Friday, 02 October 2020 - 15:01 | Views - 546

ලෝක ළමා දිනය දවසේ මෙලොව ජනිත වූ හත්වන උපන් දිනය සමරන චතුරිකා දිනේෂි නම් වූ දියණියගේ හද කම්පාවන කදුලු කතාවක් ලෝක ළමා දිනය දවසේ ඇයගේ උපන් දිනය වූ දිනයේ අවුකන හස්ති පවුර ගම්මානයෙන් අපට වාර්තා විය.
නිසිලෙස උප්පැන්න සහතිකයක් නොමැති එහෙත් පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ උදව්වකින් සටහන් පතක සකසා පාසල් අධ්‍යාපනය ලබන ලෝක ළමා දිනය දවසේ උපන් ඇය චතුරිකා දිනේෂි නම් වෙයි.
ඇය ඉපදී මාස කිහිපයක් ගතවෙද්දී ආදරණීය මව මෙලොව හැරදා ගොස් තිබේ .පුංචි චතුරිකාගේ පියා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙකි. මේ වන විට ඇය තම මිත්තණිය වූ ආර් .ජී .ස්වර්ණලතා මහත්මිය යටතේ ජීවත් වන්නීය.
දිනකට එක වේලක් හරි කරගනිමින් දැඩි දුෂ්කරතාවයන් මධ්‍යයේ ජීවත් වන චතුරිකා දිනේෂි දියණිය සොයා අප හස්ති පවුර ගම්මානයට ගියෙමු.
ඇයගේ මිත්තණිය ආර්ජී ස්වර්ණලතා මහජන ආධාරයෙන් ලැබුණු අඩක් නිම කළ කුඩා නිවසක මෙම දියණියත්දි යණියගේ සහෝදරයෙකු සමඟ ජීවත් වෙයි .නිසි ලෙස දොරක් වසා ගැනීමට වත් නොමැතිව පුටු දෙකක් දුරට හේත්තු කර දියණියගේත් පුතා ගෙන් ආරක්ෂාව ඇය රකී.
ලෝක ළමා දිනය දවසේ මෙම නිවසට යන විටත් උපන් දිනය සමරන චතුරිකා ඇයගේ අයියත් ඇයගේ මිත්තණියත් කුසට බත් ඇටයක් නොමැතිව සිටීම පුදුම සහගත විය.
ඇය මියගිය දියණියගේත් කුඩා චතුරිකාගේ හිසේ අත තබා දිවුරා කියා සිටියේ මෙදිනත් බඩගින්නේ සිටි බවය. ගතවූ දින පහ තුළ ද බත් නොකෑ බව මෙම මිත්තණිය හඬා වැටෙමින් පැවසුවාය.
චතුරිකා උදෑසන ආප්පයක් රැගෙන පාසල් ගිය බවත් පාසල් ඇරී දහවල් නිවසට පැමිණ ආහාරයක් නොමැතිව ඇඹරැල්ලා ගෙඩි දෙකක් අමුවෙන් ආහාරයට ගන්නා අයුරු අප ද දුටුවෙමු.
ප්‍රදේශයේ රෙදි මසන ස්ථානයකින් ඉවත් කරන රෙදි කැබැලි රැගෙන විත් ඒවා එකිනෙක ගැටගසා අත පිසදා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් වලට ලබා දී සොයා ගන්නා ඉතා සොච්චම් මුදලකින් ස්වර්ණ ලතා මෙම මව පියා අහිමි දියණියටත් පුතුටත් දිනකට පාන් රාත්තලක් හෝ ආහාර ටිකක් උපයා දීම සිදු කරන බව ඇය පැවසුවාය.
ඕනෑම දියණියන් තම දෙ කණට තෝඩු දෙකක් දමා ගැනීම සිත් සතුටු කරවන්න සිද්ධියකි .එහෙත් මෙම දියණියගේ තෝඩු දෙකක් වෙනුවට කරපිංචා නැටි කැබලි දෙකක් කනේ ගසා තිබිණි.
බොහෝ දරුවන් දෙපයට අලංකාර සපත්තු දමාගෙන පිළිවෙලකට ඇඳුම් සෝදා පාසල් යද්දි පුංචි චතුරිකා පාවහන් යුගලක් ද නොමැතිව එකම ඇඳුම ඇඳගෙන ඉඳහිට පාසල් යන බව මිත්තනිය වැඩිදුරටත් අප සමග කීවාය.
පාසැලට භාරදීම සඳහා උප්පැන්න සහතිකයක් චතුරිකාට නොමැත එහෙත් පවුල් සෞඛ්‍ය සේවිකාවක ගේ සටහන් සහිත කාඩ් පතක් උපයෝගී කරගෙන ඇය පාසැලට බාරදී තිබේ.
එහිද උපන්දිනය ලෙස නිවැරදි දිනය සටහන් කොට නොමැති බවත් එහි සඳහන්ව ඇත්තේ ඔක්තෝබර් 5 දින ඇය මෙලොව එළිය දුටු බවය.
එහෙත් මිත්තණිය කියා සිටියේ තම දියණිය ගේ දියණිය ඔක්තෝබර් පළමු වන දින ලෝක ළමා දිනය දා මෙලොව ජනිත වූ බවය.
මුළු ලෝකයම දරුවන් දෙස බලා සිටියදී දරුවන් පිළිබඳව කතා කරද්දි චතුරිකා දිනේෂි නම් වූ ලෝක ළමා දිනය දා මෙලොව එළිය දුටු ඇය කුසගින්නේ අනාගතය දෙස අවිනිශ්චිතව බලා සිටින්නීය.
කාංචන කුමාර ආරියදාස
Share This Article