ලොවක් බය කළ කොරෝනා ගැන අසුබ ආරංචියක් - ලෝක සෞඛ්‍ය සංවිධානය කියූ දේ මෙන්න
Friday, 02 October 2020 - 14:35 | Views - 487

ක්‍රියාකාරී කොරෝනා එන්නතක් නිෂ්පාදනය කළද ලබන වසන්ත කාලය වනවිට කොරෝනා වෛරස් ගෝලීය වසංගතය මුළුමනින්ම නිමා කොට සාමාන්‍ය දිවි පැවතුම් ගත කිරීමට නොහැකි වනු ඇති බවට ප්රමුඛ පෙළේ විද්‍යාඥයන් පිරිසක් අනතුරු අඟවනවා.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය අවසන් කිරීමේ එකම මග එන්නතක් බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් බි්රතාන්යය රාජකීය වෛද්‍ය විද්‍යා සමාජයේ පර්යේෂකයන් පිරිසක් සඳහන් කළේ කොරෝනා එන්නතකින් අත්කරගත හැකි දේ සහ ඒ සඳහා ගතවන කාලය පිළිබඳව අප යථාර්ථවාදී විය යුතු බවයි. එන්නතක් නිසි ලෙස ජනතාව අතර සුලබ කිරීම සඳහා තවත් වසරක්වත් ගතවිය හැකියි.
මේ නිසා වෛරසය පාලනය කිරීමේ සීමාවන් ඉවත් කළ යුත්තේ ක්‍රමානුකූලව බව බි්රතාන්ය රාජකීය සමාජයේ පර්යේෂකයන් අවධාරණය කළා.
කොරෝනා වෛරස් රෝගයට එරෙහිව මේ වනවිට ලොව පුරා එන්නත් 200 කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කරමින් පවතිනවා.
කෙසේ නමුත් ඒ අතරින් බොහොමයක් අසාර්ථක විය හැකි බවයි ලන්ඩනයේ ජාතික හදවත් සහ පෙනහළු රෝග පිළිබඳ රාජකීය ආයතනයේ වෛද්‍ය ෆියෝනා කලී ප්‍රකාශ කළේ.
කොරෝනා එන්නත පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවලට අනුව මේ වසරේදීම ඇතමුන්ට කොරෝනා එන්නත ලබාගත හැකි වන අතර, ලබන වසර මුලදී මහ පරිමාණ වශයෙන් එන්නත් කිරීම ආරම්භ කළ හැකියි.
කෙසේ නමුත් බි්රතාන්යය රාජකීය සමාජය ප්‍රකාශ කරන පරිදි එය දීර්ඝ ක්‍රියාවලියක් වනු ඇති. ක්‍රියාකාරී එන්නතක් නිෂ්පාදනය කළද එය මහ පරිමාණ වශයෙන් පුද්ගලයන්ට ලබාදීමට මාස හයක්, 9 ක් හෝ වසරක් ගතවිය හැකි බව ලන්ඩනයේ රසායන ඉංජිනේරු විද්‍යා රාජකීය ආයතනයේ ප්‍රධානී මහාචාර්ය නිලේෂා කියා සිටියා. ඒ අනුව ලබන මාර්තු මාසය වනවිට සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.
ඒ සඳහා එන්නත්කරණය දැනට ක්‍රියාත්මක එන්නත් වැඩසටහන් මෙන් දස ගුණයක වේගයකින් ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු කියා සිටියේ.
මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන්කෝටි 44 ලක්ෂ 64,000 ඉක්මවන අතර, මරණ සංඛ්‍යාව දස ලක්ෂ 27,000 කට අධිකයි.
Share This Article