ජනපති ගමින් ගම දෙවන චාරිකාව මාතලේට
Friday, 02 October 2020 - 13:57 | Views - 902
ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටළු ඍජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සැලසුම් කර ඇති ගමින් ගම දෙවන චාරිකාව මාතලේ - හිබිලියාකඩ ගම්මනයේදී අද ක්‍රියාත්මකයි.
ජනතාව පීඩාවට පත්ව ඇති ප්‍රශ්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගනිමින් සහන සැලසීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථයයි.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ මාතලේ - හිබිලියාකඩ ගම්වාසීන් මුහුණදෙන ගැටළු පිළිබඳව සොයා බැලුවා.
මෙහිදී ජනාධිපතිවරයා ඇතැම් ගැටළු සඳහා ඒ මොහොතේම විසඳුම් ලබාදීමත් සිදුවුණා.
Share This Article