ට්‍රම්ප්ට කොරෝනා වැළඳීමත් සමඟ තෙල් මිල පහළට
Friday, 02 October 2020 - 13:55 | Views - 1,960
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ආර්යාවට කොරෝනා වෛරසය ආසාදනය වීමේ පුවතත් සමඟ ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් අද දක්නට ලැබුණා.
එහිදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 2 කින් පමණ පහත වැටී බැරලයක් ඩොලර් 40 යි ශත 53 ක් ලෙස සටහන් වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 37 යි ශත 93 ක් ලෙසයි.
කෙසේ නමුත් මෙම සතිය පුරාම තෙල් මිල අපගමනයට ලක්වූ අතර, සතිය සඳහා මිල පහත වැටීම සියයට පහකට ආසන්නයි.
Share This Article