ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් 4 දෙනෙකුට බරපතල තුවාල
Friday, 02 October 2020 - 12:14 | Views - 575
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වෙන්ඩිකෝනර් හුලං වංගුව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඔවුන් නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ආගරපතන සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රී රෝද රථයේ ඉදිරිපස රෝදය ගැලීවී ගොස් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇත්තේ අද උදෑසන 9.30ට පමණයි.
Share This Article