සිසුවාට නරුම වැඩක් කළ උපකාරක පන්ති ගුරා අත්අඩංගුවට
Thursday, 01 October 2020 - 14:23 | Views - 366
විශ්‍රාමික ඩිපෝ කළමණාකරුවකු විසින් පවත්වාගෙන යනු ලබන උපකාරක පන්තියකට සහභාගි වූ 18 අට හැවිරිදි සිසුවෙකුට ලිංගික අතවර කළ  උපකාරක පන්ති ගුරුවරයකු   අද (1)  අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  පොල්ගස්ඕවිට කුඩමාදූව ප්‍රදේශයේ  පදිංචි  අසූ හතර හැවිරිදි  විශ්‍රාමික ඩිපෝ හා වතු අධිකාරීවරයෙකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයා වසර හතළිහක පමණ සිට උපකාරක පන්ති හරහා ඉංග්‍රීසි භාෂාව උගන්වා ඇති අතර  කහතුඩුව ප්‍රදේශය පදිංචි 18 හැවිරිදි සිසුවා ද ගුරුවරයාගේ නිවසේ පවත්වාගෙන යන මෙම උපකාරක පන්තියට සහභාගි වී ඇතැයි පැවැසේ .
 
මීට පෙර අවස්ථා දෙකකදී ද  සිසුවාවට අතවර කර ඇති  අතර  සිසුවා විසින් රහසිගතව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇතැයිද පොලීසිය කියයි .

ඒ අනුව  පොලිසියට පැමිණි සිසුවා  සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් සිදු  කිරීමෙන් .පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක්  ගුරුවරයාගේ නිවසට ගොස් සැකකරු මෙසේ අත් අඩංගුවට ගෙන තිබූ බව කියයි.

ඩිපෝ හා වතු අධිකාරී වරයෙකු වශයෙන් සේවය කළ සැකකරු දිවයිනේ සුප්‍රසිද්ධ පුද්ගලයින්ට උපකාරක පන්ති හරහා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ අයෙකු බව ද  පැවසේ . අත්අඩංගුවට ගත් සැකකරු (01)කැස්බෑව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය .

ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top