අද අවසන් ගමන් යන ආදරණීය ටෙනී (වීඩියෝ)
Thursday, 01 October 2020 - 14:07 | Views - 572
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4ට මොරටුව මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
මේ අතර, ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු රසිකයන් විශාල පිරිසක් නිවසට පැමිණෙමින් සිටිනවා.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා පසුගිය සඳුදා අභාවප්‍රාප්ත වුණා.
ටෙනිසන් කුරේ මහතාගේ දේහය මොරටුව, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙන්නේ අඟහරුවාදා සිටයි.
දේහයට අවසන් ගෞරව දැක්වීමට එදින සිට කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු ඔහුගේ රසිකයන් විශාල පිරිසක් ඔහුගේ නිවසට පැමිණෙමින් සිටිනවා.
ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අද පස්වරු තුන වන තෙක් ජනතාවට අවසන් ගෞරව දැක්වීමේ හැකියාව පවතිනවා.
Share This Article