විග් එක මගේ පෙම්වතා අතින් ගැලවිලා තමයි එහෙම වෙන්නේ
Thursday, 01 October 2020 - 12:11 | Views - 1,281
මම මීට කලින් චිත්‍රපට දෙකක රඟපෑවත් මට වැඩිපුරම රඟපාන්න වුණේ තරුණ පිරිසත් එක්ක. මේකේ එහෙම වුණේ නැහැ. මනෝරත්නයන් එක්ක රඟපාන්න තිබුණා. කතාවේ හැටියට ඔහුගේ දුව තමයි මම. පොඩි තිගැස්මක් තිබුණා ඔහුත් එක්ක රඟපාද්දි. මගේ රංගනය ඔහු කොහොම පිළිගනියිද, මට මොනවගේ අඩුපාඩු කියයිද, වගේ ප්‍රශ්න හිතේ දෝලනය වෙමින් තිබුණේ. නමුත් ඒවා හිස් අදහස් විතරක් වුණා. පුදුමාකාර සහායක් මට ඔහුගෙන් ලැබුණා. මනෝරත්නයන්ගේ අවසන් ප්‍රධාන චරිත රංගනය මේක චිත්‍රපටයක. මට වාසනාව තිබුණා ඔහුත් එක්ක රඟපාන්න.

චිත්‍රපටයේ ඔබේ මතක හිටින දර්ශනය මොකක්ද කියලා මම ඇහැව්වොත්?
මනෝරත්නයන් කාන්තාවක් නොවන වග අහුවෙන සීන් එකට මම ආසයි. ඔහුගේ විග් එක එහෙම මගේ පෙම්වතා අතින් ගැලවිලා තමයි එහෙම වෙන්නේ. මම හඳුනාගන්නවා මේ මගේ පියා කියලා. එතන හරි ඉමෝෂනල් සීන් එකක්. නමුත් විග් එක ගැලවෙන දිහා දැක්කම හිනායන්න ආවා හැමෝටම. ඒත් ඒක යටපත් කරගෙන රඟපෑවා.

ඇයි ඔබ මිස් ජෙනිස් සිනමාපටය බාර ගත්තේ?
චිත්‍රපට සඳහා නිතර ආරාධනා ලැබෙනවා. ඒත් හොඳට හොයලා බලලා තමයි මම වැඩක් බාර ගන්නේ. මට මේකට කතා කළේ කැමරා අධ්‍යක්ෂ අයේෂ්මන්ත අයියා සහ සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත අයියා. මම ඔවුන් එක්ක මීට ප්‍රථම වැඩ කරලා තිබුණා. මිස් ජෙනිස් අධ්‍යක්ෂ සුසිරන් අයියාගේ නිර්මාණයක රඟපාලා නැති වුණත් මම ඔහුගේ නිර්මාණ ගැන අහලා තියෙනවා. ඒ නිසා මේක හොඳ නිර්මාණයක් කියලා විශ්වාසය ගොඩනැඟුනා.

ඔබ හරිම හිමින් ගමනක යෙදෙන නිළියක් වග පේනවා?
ඔව්. ඒක ඇත්ත. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් විතර ඇති. මේ කාලයටම මම රඟපාලා තියෙන්නේ චිත්‍රපට තුනක විතරයි. ටෙලිනාට්‍ය නම් කරලම නැහැ. හිමින් ගමන ඇඟට ගුණයි කියලා මම විශ්වාස කරනවා.

ඔබ ටෙලිනාට්‍යවලට අකැමැතිද?
මගේ කිසිම අකැමැත්තක් නැහැ ටෙලිනාට්‍යවලට. නමුත් ටෙලිනාට්‍යයක් බාර ගත්තොත් ඒ වෙනුවෙන් දිගු කාලයක් කැප කරන්න ඕනේ. මම නිරූපිකාවක් විදිහට ගොඩක් කාර්යබහුලයි. ඒ වැඩවලට සහ මගේ පවුල් ජීවිතයට කාලය යෙදෙව්වාම මට ටෙලි වලට යන්න අපහසුයි.

අතීතයේ ඔබ රඟපෑ යම් නිර්මාණ ගැන අද වනවිට කනගාටුවක් තියෙනවාද?
කොහෙත්ම නැහැ. ඒවා නිසා මිනිස්සු මාව අඳුනගත්තානේ. ඒ නිර්මාණ මම බාරගත්තේ තෝරාබේරාගෙන. අදටත් ඒවා ගැන මතක් කරකර සතුටු වෙනවා.

ඔබ දැන් මවක්. සමහර නිළියෝ මේ තත්ත්වය මත විලාසිතා සඳහා වාරණ යොදාගන්නවා?
මම සුපුරුදු පරිදි පෙර වගේම ඉන්නවා. නිරූපිකාවක් විදිහට වැඩ කරන නිසා අවස්ථානුකූලව විලාසිතා කරනවා. සමහර ෆොටෝ ෂූට්වලට ඇඳුම් තෝරා දෙන්නෙත් මගේ සැමියා. ඔහු ගුවන් සේවකයෙක්. ඔහු හරි විවෘත මනසකින් තමයි බොහෝ දේ ගැන සිතන්නේ.

ඔබව හඳුන්වා දෙන්න කැමති කවුරු විදිහටද?
නිරූපිකාවක් සහ සිනමා නිළියක් විදිහට. නිරූපණ ශිල්පය මගේ වෘත්තිය වගේ. සිනමාවටත් ආසයි. ඔය දෙකෙන්ම මාව හඳුනවා දෙනවට කැමතියි.

දැන් දියණියගේ වයස කීයද?
ලබන මාසෙට අවුරුද්දයි.

ප්‍රසාද් සමරතුංග
සරසවිය

Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 644 Views
Top