බස් රථයක් දුම්රිය ගේට්ටුවකින් ඇතුළු කළ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට
Thursday, 01 October 2020 - 11:22 | Views - 586
දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේදී ගේට්ටුව වසා තිබියදී දුම්රිය මාර්ගය හරහා අලුත්ගම සිට කොළඹ දක්වා ධාවනය කළ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හා රූපවාහිණි නාලිකා ඔස්සේ විකාශය වූ වීඩියෝ පටයකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අද ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article