සුරාබදු දෙපාර්තමේන්තුව ප්රතිව්යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක්
Thursday, 01 October 2020 - 10:49 | Views - 411
සුරාබදු දෙපාර්තමේන්තුව ප්රතිව්යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක් පත් කරන්නැයි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු පිළිබද සාකච්ඡාවකදියි.
මෙම සාකච්ඡාවට සුරාබදු වෘත්තීය සමිති නියෝජිතයින් ද එක්ව සිටියා.
අවිධිමත් ස්ථාන මාරු නවතා දමා ඒ වෙනුවට සුදුසුකම් සපිරූ නිලධාරීන්ට පමණක් ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස ද අග්රාමාත්යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
Share This Article