නාසා ආයතනයෙන් සහතික ලැබූ දරුවෙකු පොළොන්නරුවේ
Thursday, 01 October 2020 - 9:08 | Views - 765
කුඩා වයසේදීම ජාත්‍යන්තරයට ගොස් ජයග්‍රහණ අත්කරගෙන තාරකා විද්‍යාඥයෙකු වීමට සිහින දකින 09 හැවිරිදි දරුවෙකු පිළිබඳ පුවතක් පොළොන්නරුව - ජයන්තිපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
තෝපාවැව කණිෂ්ඨ විද්‍යාලයේ 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔජිත් දුලංජන සිල්වා අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ නාසා ආයතනය පැවැත්වූ විභාගයකට අයදුම්කර පෙනී සිටීමෙන් පසු මේ වනවිට සහතික පත්‍ර 03ක් හිමිකරගෙන තිබෙනවා.
ඔජිත් දුලංජනගේ මව සිය එකම දරුවාගේ හපන්කම් පිළිබඳව කියා සිටියේ තම පුතු අලුයම දෙකට පමණ අවදි වී තාරකා පවා නිරීක්ෂණය කරන බවයි.
Share This Article