කටුනායක ගුවන් තොටුපලේ දෙවන පර්යන්තය, 2023 ට පෙර නිමකරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Thursday, 01 October 2020 - 9:04 | Views - 531
ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට ශ්‍රී ලංකා රජය කැප වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ හමුවක් අමතමින් කියා සිටියා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසි වාරයට සමගාමීව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍රකොටගෙන සංවිධාන කළ ජෛව විවිධත්වය පිළිබද රාජ්‍ය නායක සමුළුව වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා අමතනු ලැබුවා.

තිරසාර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය පිළිබදව ඉක්මන් ක්‍රියාමාර්ග මෙම සමුළුවේ තේමාවයි.

2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ හරය විය යුත්තේ ජෛව විවිධත්වය පිළිබද සංකල්පය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පාලකයා කිසිවිටෙකත් දේශයේ හිමිකරු නොව හුදෙක් තම රටවැසියන් සහ සියළු ජීවීන් වෙනුවෙන් එහි භාරකරු පමණක් යන සංකල්පය මත ශ්‍රී ලංකාවේ පුරාණ පාලන ක්‍රමය ගොඩනැගී තිබුණා.

සංවර්ධන න්‍යාය පත්‍රය තුළ තම රජය අනුගමනය කරනුයේ එම මූලධර්මය බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

පෘථිවියෙහි සහ එහි සම්පත්වල හුදු භාරකරුවන් වශයෙන් හැකි උපරිමයෙන් තම ආරක්ෂාව යටතේ ඇති දෑ රැක ගනිමින් අනාගත පරපුරට භාරදීමට අදිටන් කර ගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

මේ අතර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 ට පෙර අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව පැවති සාකච්ඡාවකදීයි.

2014 වසරේ ආරම්භ කළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2017 වසරේදීයි අවසන් කිරීමට සැලසුම් කර තිබුණේ. එහෙත් ඉදිකිරීම් සිදු නොවීම නිසා සැලසුමේ බොහෝ අංග වර්තමානයට නොගැලපෙන බව අදාළ ක්ෂේත්‍රයන් හි ප්‍රවීනයන් පෙන්වා දී තිබුණා.

ඒ අනුව මෙහි වැඩකටයුතු දිවා රාත්‍රි වැඩකර කඩිනමින් අවසන් කරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top