පෙර පාසල් ළමුන්ගේ ආහාරයට වස දැමූ චීන පෙර පාසල් ගුරුවරියට මරණ දඬුවම
Thursday, 01 October 2020 - 7:28 | Views - 1,077

ඉකුත් වසරේ මාර්තු මාසයේදී වෙනත් ගුරුවරයකුගෙන් පළි ගැනීමේ අරමුණින් එම ගුරුවරයාගේ සිසුන් අනුභව කළ තලප වර්ගයේ ආහාරයකට වස දැමූ චීනයේ පෙර පාසල් ගුරුවරියකට එරට අධිකරණයක් විසින් ඉකුත් සඳුදා (28දා )මරණ දඬුවම නියම කර තිබේ.
වැන්ග් යුන් නමැති මෙම පෙර පාසල් ගුරුවරිය ඉකුත් වසරේ මාර්තු මස 27 වැනිදා ජියා ඕසු ඕ නගරයේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලබමින් සිටි කුඩා ළමුන් 25 දෙනෙකුගේ උදෑසන ආහාරයට විෂ රසායනයක් මිශ‍්‍ර කිරීම හේතුවෙන් පෙර පාසලේ එක් දරුවෙකු මිය ගොස් තවත් දරුවන් 24 දෙනකු රෝහල්ගත කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පෙර පාසල් ගුරුවරිය පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඇයට එරෙහිව පැවරු නඩුව විභාග කිරීමෙන් පසු ජියා ඕසු ඕ නගරයේ අධිකරණය විසින් මෙම මරණ දඬුවම පනවා තිබේ.
ඉකුත් වසරේ මාර්තු මාසයේ ජියා ඕසු ඕ නගරයේ පිහිටි පෙර පාසලේ දරුවන්ට සකස් කර තිබූ උදෑසන ආහාරයට විෂ රසායනිකයක් මිශ‍්‍ර කිරීම හේතුවෙන් දරුවන් 25දෙනෙකු වමනය දැමීම හා ක්ලාන්තය හේතුවෙන් ඇද වැටීම නිසා රෝහල්ගත කෙරුණු අතර විෂ ශරීරගත වීමෙන් රෝගාතුර වූ එක් දරුවෙකු මාස 10ක කාලයක් ප‍්‍රතිකාර ලැබීමෙන් පසු මියගොස් තිබිණි.‘ගුරුවරිය විසින් ආහාරයට යෙදූ විෂ රසායනිකය මස් වර්ග සඳහා යොදන රසායනිකයක් වුවද එය වැඩිපුර යෙදීමෙන් මාරාන්තික වන බව වෛද්‍ය මතය වී තිබේ.
’සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ පෙර පාසල් ගුරුවරිය මෙයට පෙර සිය සැමියාගේ ආහාරයට වස දැමීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති අයෙකි.
Share This Article