ජලභීතිකාවෙන් ගාල්ලේ පාසල් සිසුවෙකු මරුට
Wednesday, 30 September 2020 - 13:48 | Views - 1,741

ගාල්ල - යටලමත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුනඛ සපා කෑම් හේතුවෙන් 12 හැවිරිදි පාසල් සිසුවෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේදී මිය ගොස් තිබෙනවා.
ඒ අනුව සතියක් තුළ එම ප්‍රදේශයෙන් වාර්තා වූ දෙවන ජලභීතිකා මරණය මෙයයි.
පසුගිය 26 වන දා ගාල්ල - යටලමත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සුනඛයෙකු සපා කෑමෙන් අනතුරුව ජලභීතිකා රෝගය වැළදීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේදී මිය ගියා.
ඔහු උඩුගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යැවුණේ.
ඉන් දින 3කට පසු එනම් ඊයේ දිනයේදී කරාපිටිය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්වුණේ මාපලගම සිරිසුනන්ද විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.
ඔහු ද උඩුගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යැවුණා.
උඩුගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සුසන්ත ප්‍රනාන්දු අදහස් දක්වමින් කියා සිටියේ සුනඛයා සපා කෑ අවස්ථාවේ සිට පැය 24ක් තුළ රෝහල් ගත කළේ නම් මෙම සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබූ බවයි.
මේ අතර, ජලභීතිකා රෝගයෙන් පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියත් සමඟ අද දිනයේ සුනඛයින් එන්නත් කිරීම සඳහා කණ්ඩායම් 3ක් එම ප්‍රදේශයට පිටත් කර යවා තිබෙනවා.
පසුගිය දා හොරණ - මිල්ලනිය ප්‍රදේශයේ ජලභීතිකාව වැළදුණු නරි සපා කෑම හේතුවෙන් සුනඛයින් කිහිප දෙනෙකු මිය යාමේ සිද්ධියක් ද වාර්තා වුණා.
Share This Article