ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස යළිත් කල්දමයි
Wednesday, 30 September 2020 - 13:43 | Views - 374
ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 තරගාවලිය ආරම්භය නොවැම්බර් මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මෙන්ම ක්‍රීඩකයන්ට නිරෝධායනය වීම සඳහා කාලය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

IPL තරගාවලිය නොවැම්බර් මස 10 වැනිදා අවසන් වීමෙන් අනතුරුව එම තරගාවලියට එක්වන ඇතැම් ක්‍රීඩකයන් LPL තරගාවලියට එක්වීම හේතුවෙන් ඔවුන්ට දින 14ක නිරෝධායන කාලයක් ලබාදෙමින් තරගාවලියට එක්කරගැනීමටයි ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවන්නේ.

මේ අතර හෙට පැවැත්වීමට නියමිතව තිබු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනිම මෙම මස 9 වැනිදා දක්වා කල් දැමීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

LPL තරගාවලියට එක්වන කණ්ඩායමේ 5 හිමිකරුවන් සමගින් හෙට ක්‍රීඩකයන් තෝරා ගැනිම විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටයි නියමිතව තිබුණා.

මේ අතර LPL තරගාවලියට ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයන්ට අවසර ලබා නොදීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් පවසන්නේ LPL තරගාවලිය පැවැත්වෙන කාළ වකවානුවේ දී බංග්ලාදේශයේ දේශීය ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම හේතුවේන් ඊට එරට ප්‍රධානතම ක්‍රීඩකයන් සියළු දෙනා එක්වීම අනිවාර්ය බවයි.

මේ හේතුවෙන් විදෙස් තරගාවලි සදහා එක්වීමට සිය ක්‍රීඩකයන්ට අවසර ලබා නොදීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති අතර ඒ අනුව ශකීබ් අල් හසන් ඇතුළුව බංග්ලාදේශ ක්‍රීඩකයන් LPL තරගාවලියට එක් නොවනු ඇති.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය කල් දමා දින කිහිපයක් ගතවන්නට මත්තෙන් මෙම තීරණයට එරට ක්‍රිකට් බලධාරීන් එළැඹීමත් කැපීපෙනෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top