සුශාන්ත්ගේ මරණය ගැන ලෝකයම කතා කරද්දී, චෝදනා එල්ල වන ඔහුගේ පෙම්වතිය වෙනුවෙන් පෙරට ආ මිතුරිය කියූ රහස
සුශාන්ත් සිං ගේ මරණයත් එක්කම රියා චක්රබෝර්තී කියන නම සමාජ මාධ්‍ය ඇතුළේ වැඩි වශයෙන් කතාබහට ලක් වුණා.
ඒ ඇය සුශාන්ත්ගේ පෙම්වතිය වූ නිසා. බොහෝ දෙනා ඇයට චෝදනා කළේ ඇය තමයි සුෂාන්තගේ මරණයට වග කිව යුතු යැයි පවසමින්.
නමුත් මේ චෝදනා තවමත් ඔප්පු වී නැහැ. විශේෂයෙන්ම මේ දවස්-වල සුශාන්ත්ගේ රසිකයින් රියා එක්ක ඉන්නේ පුදුමාකාර තරහකින්.
නමුත් රියාට සහය දක්ව කිහිප දෙනෙක් රසිකයන්ගෙන් ඉල්ලා තිබුණේ චෝදනා කිසිවක් ඔප්පු වෙනකල් ඇයට කරදර නොකරන ලෙසයි.
ඒ අතර රියාගේ සමීපතම මිතුරියකුත් ඉන්නවා. ඇය තමයි ෂිබානි දණ්ඩේකර්.
ඇය සිය සමාජ මාධ්‍ය වෙත පණිවුඩයක් නිකුත් කරමින් රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙන්න මේ වගේ දෙයක්.
"මම රියාව දන්නේ පුංචි කාලේ ඉඳන්, ඇය ගොඩක් හොඳ හදවත් තියෙන තරුණියක්. මේ වරදට සම්බන්ධය අය දැන් මෙහි වගකීම රියාගේ පිටින් යවන්නයි හදන්නේ. ඒකට ඕනි කරන ප්රචාරයත් ඔවුන් නොඅඩුව ලබා දෙනවා. මේ මොන දේ වුණත් මම ඔබ සමඟයි රියා.."
ඇත්ත නැත්ත කොහොම වුණත් අමාරුවේ වැටෙන වෙලාවට ශක්තියක් වෙන්න පුළුවන් යාළුවෝ ඉන්නේ කලාතුරකින්. ඒ අතර ෂිබානි අගය කළ යුතුයි.
අමිල නුවන් මධුසංඛ

