මචං Tenny මට උඹව ඔහොම දැක්කම දැනිච්ච දේ, මං ඔතන හිටිය නම් උඹට දැනෙයි
Wednesday, 30 September 2020 - 10:04 | Views - 2,673
අභාවප්‍රාප්ත ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මොරටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට කලාකරුවන් සහ දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් පැමිණියා.

කලක් තිස්සේ මෙරට රසික ජනයා පිනවූ බන්දු-ටෙනී සුසංයෝගයට නොසිතූ මොහොතක නිමාව තැබීමට නොහැකිව සංවේදී වූ බන්දු සමරසිංහ මහතා ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සියල්ලන් සංවේදී කළා.

එම අවස්ථාව පහතින්. ටෙනිසන් කුරේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි. ඒ, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදියි. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පෙරේදා අභාවප්‍රාප්ත වන විට ඔහු 68 වන වියේ පසුවුණා. 1986 තිරගතවූ පෙරළිකාරයෝ චිත්‍රපටයට එක්වෙමින් සිය කලා චාරිකාව ඇරඹූ ටෙනී නමින් සිනමා ලෝලීන් අතර ජනාදරයට පත්වුණා. ටෙනිසන් කුරේ හිරු මාධ්‍ය ජාලය සමඟත් අතිශය සමීප සබඳතා පැවැත්වූ නිහතමානී කලාකරුවෙක්. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඔහුගේ අභාවය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ ඊයේ සටහනක් තබමින් කියා සිටියේ මිනිසුන් සතුටු කිරීම ඔහු සතු දක්ෂතාවක් නිසා සැමදා ඔහු සිහිපත් වනු ඇති බවයි. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ සියලුදෙනා සිනාසෙන මිනිසා ලෙස ඔහුව ආදරයෙන් සිහිපත් කරනු ඇති බවයි.

එසේම සිය මිතුරා පිළිබඳ බන්දු සමරසිංහ සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක්ද තබාතිබුණා.




Share This Article
Hiru Tv Blog
ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන්...
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,653 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,430 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
නදීර නෝනිස් ගායකයෙක් විදිහට ජනප්‍රිය වෙන්න කලින් ඔක්ටපෑඩ් වාදකයෙක් විදිහට...
Hiru Tv Blog
රිතික් රොෂාන් මුම්බායි හි මුහුදට මුහුණලා ඇති මහල් නිවාස කිහිපයක් මිලදී ගෙන...
Hiru Tv Blog
ප්‍රසංග වේදිකාවේ තම මියුරු ගායන හැකියාවෙන්ම  මෙන්ම සරාගී නර්තන හැකියාව නිසාවෙත්ම...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top