බිරිඳ මාළු තෝරන අතරතුර සැමියා පෙම් සුව සොයා ගිහින්
Wednesday, 30 September 2020 - 9:34 | Views - 1,443
කාමරයේ ඇඳමත රුපියල් 44000 ක් වටිනා රන් දම්වැල තබා නාන කාමරයට ගිය අවස්ථාවේ තමා සම`ග කාමරයේ සිටි කාන්තාව රන්මාලය ගෙන පැන ගොස් ඇති බව කියමින් ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව පදිංචිකරුවෙක් හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
 
 තමන් තම බිරිය සම`ග හලාවත මාළු වෙළෙඳසලට පැමිණ බිරියට මාළු වෙළෙඳසල ඇතුළට පිටත් කර යවා තමා මාළු වෙළෙඳ සැලට ඇතුල් වන ස්ථානයේ රැඳී සිටි බවත් එවෙලේ වයස අවුරුදු 35 ක පමණ කාන්තාවක් පැමිණ තමාගේ සැමියා නොමැති බවත් දරුවකු සිටින බවටත් කී බව පැමිණිල්ලෙන් කියා ඇත.
 
 ඉන් පසුව ඇය තමාගෙන් රුපියල් 1000 ක් ඉල්ලා කාමරයකට යෑමට කතා කළ බවත් තමා එයට කැමති වී ත්‍රිරෝද රථයකින් හලාවත හෝටලයකට පැමිණි බවද, එහි කාමරයක් කුලියට ගෙන ඇයත් සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බවද ඉන් අනතුරුව තමාගේ ගෙල බැඳි රුපියල් 44000 ක් වටිනා රන් දම්වැල ගලවා කාමරයේ ඇඳ මත තබා නාන කාමරයට ගිය බවද සඳහන් කර ඇත.
 
 නාන කාමරයේ සිට විනාඩි පහකින් පමණ කාමරයට පැමිණි බවද ඒ එන විට කාමරයේ සිටි කාන්තාව හා රන් දම්වැල නොතිබූ බවද තමා කාන්තාවගේ නම හෝ පදිංචි ස්ථානයක් නොදන්නා බවද පැමිණිල්ලේ දක්වා තිබේ.
 
 හලාවත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ගාමිණී ආදසූරිය මහතා මේ පිළිබඳව විමර්ශන කරගෙන යයි.
Share This Article
Hiru Tv Blog
ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන්...
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,653 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,430 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
නදීර නෝනිස් ගායකයෙක් විදිහට ජනප්‍රිය වෙන්න කලින් ඔක්ටපෑඩ් වාදකයෙක් විදිහට...
Hiru Tv Blog
රිතික් රොෂාන් මුම්බායි හි මුහුදට මුහුණලා ඇති මහල් නිවාස කිහිපයක් මිලදී ගෙන...
Hiru Tv Blog
ප්‍රසංග වේදිකාවේ තම මියුරු ගායන හැකියාවෙන්ම  මෙන්ම සරාගී නර්තන හැකියාව නිසාවෙත්ම...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top