ටෙනිසන් කුරේ හෙට නික්ම යයි
Wednesday, 30 September 2020 - 9:08 | Views - 856
අභාවප්‍රාප්ත ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.
ඒ, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදියි.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පෙරේදා අභාවප්‍රාප්ත වන විට ඔහු 68 වන වියේ පසුවුණා.
1986 තිරගතවූ පෙරළිකාරයෝ චිත්‍රපටයට එක්වෙමින් සිය කලා චාරිකාව ඇරඹූ ටෙනී නමින් සිනමා ලෝලීන් අතර ජනාදරයට පත්වුණා.
ටෙනිසන් කුරේ හිරු මාධ්‍ය ජාලය සමඟත් අතිශය සමීප සබඳතා පැවැත්වූ නිහතමානී කලාකරුවෙක්.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඔහුගේ අභාවය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ ඊයේ සටහනක් තබමින් කියා සිටියේ මිනිසුන් සතුටු කිරීම ඔහු සතු දක්ෂතාවක් නිසා සැමදා ඔහු සිහිපත් වනු ඇති බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ සියලුදෙනා සිනාසෙන මිනිසා ලෙස ඔහුව ආදරයෙන් සිහිපත් කරනු ඇති බවයි.
Share This Article