සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16කට පසු හමුවූ මව
Wednesday, 30 September 2020 - 9:02 | Views - 552

මව් සෙනෙහසට නිම් හිම් නැහැ.
මේ ඒ අසීමාන්තික මව් සෙනෙහසේ තරම කියා පාන තවත් නිදසුනක්.
මේ සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16කට පසු හමුවීමේ සතුට අප සමඟ බෙදාගත් දිරිය මවකගේ කතාවයි.
දිනය 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා....
ස්ථානය අම්පාර මුහුදුබඩ ප්‍රදේශය...
වෙනදා මෙන්ම උදෑසන 9 පසුවී විසිපස්වැනි විනාඩිය ගතවන තෙක් මෙරට තුළ පැවතියේ ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක්.
නමුත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ගැඹුරු මුහුදේ සිදුවු දරුණු රික්ටර් මාපක 9.1ක ප්රබලත්වයෙකින් යුත් දරුණු භූකම්පනයකින් වියරු වැටුණු සයුර ගොඩබිමට කඩාවදිනවා.
හදිසියේ හිස මත කඩා වැටුණු මේ මහා ව්‍යසනයෙන් වෙරළබඩ ජීවත්වන බොහෝ දෙනෙකුට සිය ආදරණියයන් අහිමි වුණේ සිතා ගැනීමටත් ඉඩක් නොතබමින්.
සමන්තුරේ ජීවත්වු අබුසාලි සිත්ති හමාලියාගේ පවුලද එහි බලපෑමට ලක්වනවා.
එහිදි ඇගේ අවුරුදු 5ක රාසීන් මොහොමඩ් අක්රම් රිස්කාන් පුතු අතුරුදන් වනවා.
කෙසේ වෙතත් තම පුතු සොයන ගමන නතර නොකරන හමිලියාට වසර 16 කට පසු සිය සටන ජයගන්නේ ප්රාතිහාර්යයක් මෙන්.
ඒ ඇය සේවය කළ රෝහලේ සේවිකාවකගේ මාර්ගයෙන් ලද තොරතුරකට අනුවයි
මේ හමිලියා දිගහරින ඇගේ කතාවයි.
Share This Article