විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 339ක් දිවයිනට
Wednesday, 30 September 2020 - 8:20 | Views - 728
විදේශ රටවල් 3ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 339 දෙනෙකු අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියා.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් ශ්‍රී ලාංකිකයන් 287 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි 47 දෙනෙකු ඩුබායි හි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
එමෙන්ම ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකු කටුනායකට පැමිණියා.
Share This Article