අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේට අවසන් ගෞරව දැක්වීම සඳහා මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසට කලාකරුවන් රැසක් පැමිණෙමින් සිටිනවා.
ඒ, අතර ටෙනී සමග කාලාන්තරයක් තිස්සේ හෙළ සිනමාවේ විකට චරිත නිරූපනය කළ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහද සිටියා.
එමෙන්ම විජේරත්න වරකාගොඩ වැනි පරිණත කලාකරුවන්ද, පුබුදු පුබුදු චතුරංග වැනි ඊළඟ පරපුරේ කලා ශිල්පීන්ද එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.
එහිදී ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ නික්ම යාම ගැන කලාකරුවන් කිහිප දෙනෙකු අදහස් පළ කළා.

