මෝර ප්‍රහාරයකින් සිය සැමියා බේරාගත් ගැබිනියක්
Tuesday, 29 September 2020 - 11:26 | Views - 615
මෝරකුගෙන් එල්ල වූ ප්‍රහාරයකින් සිය සැමියා ගලවා ගැනීම සඳහා ගර්භණී කාතාවක් මුහුදට කිමිදුනු පුවතක් පිළිබඳ ඇමෙරිකාවෙන් වාර්තා විය.

30 හැවිරිදි ඇන්ඩෲ එඩී ෆ්ලොරිඩා හි සොම්බෙරෙරෝ කොරල් පරයේ කිමිදීමට ගියත් ජලයට බට වහා මෝරකුගේ සපා කෑමට ලක්විය.

ජලයෙන් ඉහළට ඉපිලුනු මෝරාගේ පිටේ ඇති වරල හා සිය සැමියාගේ ලෙයින් රත්පැහැ වූ ජලය දුටු මර්ගොට් ඩියුක්ස්-එඩී "කිසිදු පැකිලීමකින් තොරව ජලයට පැන්නා" යැයි නිලධාරීහු පැවසූහ.

ඇය ආරක්ෂිතව සැමියා ජලයෙන් ඇදගත් පසු පවුලේ සෙසු සාමාජිකයින් 911 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබේ.

ඉරිදා මයාමි හි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගුවන් මගින් ගෙන යන යාමෙන් පසු බරපතල තත්ත්වයේ පැවති එඩී ගේ උරහිසේ තුවාලයට ප්‍රතිකාර කෙරිණි.

එහි ගෙනෙන විට එඩී "බරපතල තත්ත්වයේ" පසු වූ බව ගලවා ගැනීමේ නිලධාරී රයන් ජෝන්සන් ප්‍රාදේශීය මාධ්‍යවලට පැවසීය

ජෝර්ජියා ප්‍රාන්තයේ සිට සිය නිවාඩුවක් ගතකිරීම සඳහා සිය පවුලේ සාමාජිකයින් සමග ෆ්ලොරිඩා වෙත පැමිණි එඩී යුවළ පුද්ගලික බෝට්ටුවකින් යාත්‍රා කර තිබිණි.

එඩී කිමිදීමට පටන් ගන්නා විටත් ඔවුන්ගේ කණ්ඩායමේ පිරිසක් කිමිදෙමින් සිටි අතර එඩී ඔවුන්ට එකතු වීම සඳහා ජලයට පැන තිබේ.

ඔවුන්ගේ කණ්ඩායමට අයත් නොවූ තවත් පිරිසක් ද අදාළ ප්‍රදේශයේ කිමිදෙමින් සිටි බව පොලිස් නිලධාරී ක්‍රිස්ටෝෆර් අගුආනෝ සිය වාර්තාවේ සටහන් කර ඇත.

පසුව සාක්ෂිකරුවන් පවසා තිබුණේ 'බුල් ෂාර්ක්' ලෙස හැඳින්වෙන මෝරකු ලෙස දිස්වුනු අඩි අටක් හෝ 10ක් පමණ දිග මෝරකු එදින එම ප්‍රදේශයේ සැරිසරනු දුටු බවය.

ලෝකයේ වැඩි ම මෝර ප්‍රහාර ගණනාවක් එල්ලවන ප්‍රදේශය ලෙස ෆ්ලොරිඩා වාර්තාවලට එක්ව තිබේ. ෆ්ලොරිඩා කෞතුකාගාරය පවසන පරිදි පසුගිය වසරේදී එවැනි ප්‍රහාර 21ක් වාර්තා විය. කෙසේනමුත් ලොව පුරා මෝර ප්‍රහාර එල්ල වීම එතරම් සුලබ නොවේ.
BBC
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top