ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මියගිය හේතුව - රසික සිත් හඬවමින් නික්ම ගිය ටෙනිසන් කුරේ ගැන දියණිය මුල්වරට හෙළිකළ කතාව
Tuesday, 29 September 2020 - 9:58 | Views - 675
ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වූවා.
මිය යන විට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා 68 වන වියේ පසුවූවා.
සිය පියාගේ අභාවය පිළිබඳව සංවේදී වූ දියණිය අපවෙත ප්‍රකාශ කළේ පසුගිය 26 වනදා උදරයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ටෙනිසන් කුරේ අද උදෑසන අභාවප්‍රාප්ත වූ බවයි.
මේ අතර කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා ප්‍රකාශ කළේ ටෙනිසන් කුරේ මහතා හෘදය ආශ්රිත රෝගී තත්වයකින් පෙළුණු බවට පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි.
මේ අතර අභාවප්‍රාප්ත, රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (10/01) ප:ව:4ට මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
Share This Article