ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේදී, දීපිකා පදුකෝන් හෙළි කළ දේ -[Video]
Tuesday, 29 September 2020 - 9:10 | Views - 335

මත්ද්‍රව්‍ය සම්බන්ධව තම කළමනාකාරිණිය වන කරිෂ්මා ප්‍රකාශ් සමඟ සාකච්ඡා කළ බවට සුපිරි බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය කළ ප්‍රශ්න කිරීම්වලදී පිළිගෙන තිබෙනවා.
දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන්, රකුල් පිට්සන් ඇතුළු කිහිපදෙනෙකුගෙන් මෙලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කළේ බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු වූ සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.
සුපිරි බොලිවුඩ් නිළි දීපාකා පදුකොන් සාරා අලි ඛාන් සහ රකුල් පිට්සිං ඇතුළු නිළියන් කිහිප දෙනෙකුගෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පැය 6ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනාගේ ජංගම දුරකථනද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබුවා.
සිය දිවි හානි කරගත් බවට වාර්තා වූ සුෂාන්ත් සිං හට මත්ද්‍රව්‍ය සැපයීමට කටයුතු කර ඇති බවටචෝදනා එල්ල වූ ඉන්දීය නිළියක වන ඔහුගේ පෙම්වතිය රියා චක්‍රබෝර්ති හා ඇගේ සොහොයුරා මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේයි.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු අනුව බොලිවුඩයේ සුපිරි තරු කෙරෙහි මත්ද්‍රව්‍ය පාලනා කාර්යාංශයේ අවධානය යොමු වූ අතර දීපාකා පදුකොන් ඇතුළු සුපිරි තරු ප්‍රශ්න කිරීමට ලක්වූයේඒ අනුවයි.
වට්ස්ඇප් ඔස්සේ විනෝදාස්වාදයට දුම්වැටි සම්බන්ධ පණිවුඩයක් හුවමාරු කරගැනීම මෙම ප්‍රශ්නකිරීම්වලට ප්‍රධාන හේතුවක් වී ඇති නමුත් විමර්ශනවලදී දීපිකා පවසා ඇත්තේ තමන් කිසිදා දුම්පානය කර නොමැති බවයි.
කෙසේ වෙතත් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය සඳහන් කළේ දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන්, ශ්‍රද්ධා කපූර්, කරිෂ්මා ප්‍රකාශ් නැමැති දීපිකා පදුකොන්ගේ කළමණාකාරිනිය සමඟ කංසා ඇතුළු මත්ද්‍රව්‍ය කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර ඇති බවට ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත් බවයි.
කෙසේ වෙතත් දීපිකා පදුකොන්, සාරා අලි ඛාන් ඇතුළු පිරිසට එරෙහිව තවමත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය චෝදනා ගොනුකර නැහැ.
Share This Article