ශ්‍රී ලංකාවේ චීන සංගමය සංවිධාන කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වන ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ(28) පැවැත්වුණා.
චිං රාජවංශය බිඳ වැටීමත්, චූචං කැරැල්ල සහ චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භය සිහිකිරීමත් වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝම්බර් මස පළවැනිදා චීනය සිය ජාතික දිනය සමරනු ලබයි.
චීන රජය සංවිධාන කළ ආසියානු කලාපීය පාසල් චිත්‍ර තරඟාවලියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සඳහා සහතික පත් සහ ත්‍යාග ප්රදානය ද අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් ඊයේ සිදුවුණා.
මෙයට සමගාමීව පාසල් ළමයින් අඳිනු ලැබූ චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනය ද නැරඹීමට අග්‍රාමාත්‍යවරයා එක්වුණා.