බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනය තුල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව නිවේදනය කරනවා.
උතුරු සහ උතුරු මැද පළාත් වල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්, අද පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව අද (29) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
දිවයින හරහා, විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50 පමණ තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.