නිව් ඩයමන්ඞ් නෞකාව් කපිතාන් රිමාන්ඩ් නොකෙරේ - විදෙස්ගත වීම තහනම්
Monday, 28 September 2020 - 16:04 | Views - 422
ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ ග්රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද(28) ප්රතික්ෂේප කළා.
කෙසේ නමුත්, නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයාට විදේශ සංචාර තහනමක් පැනවීමට ද ප්රධාන මහේස්ත්රාත් මොහොමඞ් මිහාර් නියෝග කරනු ලැබුවා. පසුගිය 17 වනදා නිකුත් කළ නොතීසියට අනුව, අදාළ කපිතාන්වරයා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.
නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ එය මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්රීය ආරක්ෂණ ක්රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳ වගකිව යුතු ආයතන දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් එහි කපිතාන්වරයාට චෝදනා එල්ල වී තිබුණා.
Share This Article