අවයවයක් අහිමිව උපන් කුඹුක්ගැටේ සිඟිත්තිය
Monday, 28 September 2020 - 15:45 | Views - 1,563
නිරෝගීමත් දිවි පෙවෙතක් සෑම මිනිසෙකුම ලබන උතුම්ම දායාදයයි.
එවන් දායාදයකට උරුමකම් නොකිවූ පුංචි සිඟිත්තියක් පිළිබඳව හිරු කැමරා නෙත මෙලෙස යොමු වුණා.
බහිස්‍රාවීය ඉන්ද්‍රීය පද්ධතියේ එක් අවයවයක් වන ‘‘ගුද මාර්ගය“ නොමැතිව උපන් පුංචි සිඟිතියක් පිළිබඳ සංවේදී පුවතක් අපට වාර්තා වුණේ කුරුණෑගල ප්‍රදේශයෙන්.
කුරුණෑගල - කුඹුක්ගැටේ - පහළ වටුවාව ප්‍රදේශයේ උපත ලද මෙම සිඟිති දැරියගේ වයස අවුරුද්දයි මාස 9ක්.
සාමාන්‍ය පරිදි මුඛයෙන් ආහාර ගැනීමට නොහැකි මේ සිඟිති දියණියට දියර ආහාර පමණක් ලබාදීමට සිදුව ඇත්තේ ද නළ මාර්ගයෙන්.
ඇයගේ දෙමව්පියන් පැවසුවේ මීට පෙර විදේශ රටක නිෂ්පාදිත නළයක් මාර්ගයෙන් ආහාර ලබා දුන්න ද මේ වනවිට සිය දියණියගේ ශරීරයට බද්ධ කර ඇත්තේ කුරුණෑගල රෝහලින් බද්ධ කළ නළයක් බවයි.
පිහිටක් අත්‍යවශ්‍ය මෙම පවුල වෙනුවෙන් කරුණා නෙත යොමු කිරීම සෑම දෙනාගේම යුතුකමක් නොවන්නේද?
Share This Article