නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලා කාන්තාවන් 09ක් අත්අඩංගුවට
Monday, 28 September 2020 - 15:39 | Views - 922
අම්බලන්තොට ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන දෙකක් පොලිසිය මඟින් වටලා තිබෙනවා.

එහිදී සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියන් නවදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඊයේ (27) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී එම මධ්‍යස්ථාන තුල තිබී උපත් පාලන කොපු සහ උපත් පාලන ඖෂධ ද සොයාගැනීමට හැකිවූ බවද අම්බලන්තොට පොලිසිය සඳහන් කළා.

නිරෝධායන රෝග වැළැක්වීමේ පනත යටතේ සමාජ රෝග වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගෙන, වෛද්‍ය පරීක්ෂණ පවත්වීමට අදාළසහතික නොමැති වීම යන කරුණු මත, අත්අඩංගුවට ගත් සැකකාරියන්ට නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකාරියන් නවදෙනා වයස අවුරුදු 18ත් 30ත් අතර වයස්වල පසුවන වන අතර ඔවුන් පොළොන්නරුව, කොළඹ මතුගම, වැල්ලවාය, බලංගොඩ සහ වීරකැටිය යන ප්‍රදේශවල පදිංචිකාරිණියන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිනියන් ඊයේ (27) පස්වරුවේ හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top