ජපානයේ සම්මානනීය නිලියක් සියදිවි හානිකරගනී
Monday, 28 September 2020 - 11:03 | Views - 417
ජපානයේ සම්මානනීය නිළියක වන යූකෝ ටකෙයුචි ටෝකියෝහි පිහිටි තම නිවසේදී සියදිවි හානි කරගෙන තිබෙනවා.

40 හැවිරිදි යූකෝ ජපානයේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි කතා මාලා නිලියක වන අතර, ඇමරිකාව ඇතුලු රටවල් ගණනාවක විකාශය වූ ෆීමේල් ෂර්ලොක්හෝම්ස් කථා මාලාවේ ප්‍රධාන චරිතයද නිරූපණය කළ නිළියයි.

2004 සහ 2007 අතර කාලයේ ජපානයේ හොඳම නිළිය සම්මානය ඇය විසින් වසර තුනක් එක දිගට හිමිකරගෙන තිබෙනවා.

යූකෝ ටකෙයුචිගේ ස්වාමි පුරුෂයා වන ජනප්‍රිය නළු ටායිකි නකෙබයාෂි ප්‍රකාශ කර ඇත්තේ සියදිවි හානිකරගෙන සිටි යූකෝගේ දේහය තම නිවසේ කාමරයක තිබී හමුවූ බවයි.

ජපානය ලෝකයේ සියදිවි හානිකරගැනීම අතින් ඉහළ ස්ථානයක පසුවන අතර, මේ මස ආරම්භයේදී එරට තවත් නිළියක වන සෙයි අෂීනා ද මෙලෙස සියදිවි හානිකරගෙන තිබුණා.

එමෙන්ම මීට පෙර මෙම වසරේ මැයි හා ජූලි මාසවලදී තවත් නළුවන් දෙදෙනෙකු සිය දිවි හානිකරගැනීමේ සිද්ධීන් වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top