නැවියන් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරුවීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් 19ක් නිරෝධායනයට
Monday, 28 September 2020 - 8:39 | Views - 931
අයි.ඕ.සී. සමාගම වෙත ඉන්ධන රැගෙන ත්‍රිකුණාමලයට පැමිණි නෞකාවේ සිටි නාවිකයන් 17 දෙනෙකුට කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමඟ කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බව වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළා.
මෙම නෞකාව පළමුව කොළඹ වරායට පැමිණ පසුව ත්‍රිකුණාමලය බලා පිටත්ව ගියා.
මේ වනවිට අදාළ නෞකාව ත්‍රිකුණාමල වරායෙන් පිටත නැංගුරම් ලා ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතරින් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ තවත් දෙදෙනෙකු පමණක් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ.
Share This Article