හෙරොයින් ජාවාරමේ නිරත වූ පස්දරු මවක් අත්අඩංගුවට
Sunday, 27 September 2020 - 16:23 | Views - 978
ගාල්ල නගරයේ ජනප්රිය පාසල්වල සිසුන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරත කාන්තාවක් පොලීසිය අද(27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය සතුව තිබී හෙරොයින් ග්රෑම් 5 යි මිලිග්රෑම් 220 ක් අඩංගු පැකට් 42 ක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ගාල්ල - කන්දවත්ත ප්රදේශයේ පාසලක් ආසන්නයේදීයි ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
40 හැවිරිදි මෙම කාන්තාව පස්දරු මවක් වනවා.
Share This Article