මන්නාරමෙන් කහ කිලෝ 1024 ක් අල්ලයි
Sunday, 27 September 2020 - 16:20 | Views - 579
මන්නාරම - පේසාලේ - කරිසල් ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
කහ කිලෝ 1024 යි ග්රෑම් 245 ක ප්රමාණයක් අද(27) දහවල් සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ කහ තොගය ලොරි රථයකින් ප්රවාහනය කිරීමට සූදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරි රථයේ රියදුරු පලාගොස් තිබෙනවා.
Share This Article