කළුතර දිස්ත්‍රික්කයේ නරින්ගේ සපාකෑම් පිළිබඳව ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
Saturday, 26 September 2020 - 12:13 | Views - 523
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ නරින්ගේ සපාකෑම් පිළිබඳව ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හොරණ හා මිල්ලනිය ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා.
ඊට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අධ්යක්ෂ එල්.ඩී. කිත්සිරි සඳහන් කළේ මෙම නරින් අතර ජලභීතිකා රෝගය පැතිරයාම දක්නට ලැබෙන බැවින් ඒ හරහා හරකුන්, සුනඛයින් වැනි ගෘහාශ්‍රිත සතුන්ටද එම රෝගය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවයි.
පසුගියදා හොරණ, මිල්ලනිය හා බුලත්සිංහල ප්‍රදේශවලින් නරි මිනිසුන් සපාකෑමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා.
මියගිය නරින් තුන් දෙනෙකුගේ හා සුනඛයෙකුගේ හිස් කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර සිදුකළ පරීක්ෂාවේදී හෙලි වුණේ එම සතුන්ට ජල භීතිකාව වැළඳී ඇති බවයි.
Share This Article