කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
Saturday, 26 September 2020 - 11:00 | Views - 493
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (26) දිනයේ පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද (26) පස්වරු 8.00 සිට හෙට (27) පෙරවරු 6.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්රදේශවලටයි.
මීට අමතරව කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article