රාජකීය පවුලේ සාමාජිකයන් ලෙස හැරී සහ මේගන්ගේ අවසන් නිල සංචාරය සඳහා පවුම් මිලියනයකට ආසන්න මුදලක් වැය වූ බව නිල ගිණුම් මගින් අද හෙළි කර තිබෙනවා.
පසුගිය සරත් සමයේ දකුණු අප්රිකාව, බොට්ස්වානා, ඇන්ගෝලා සහ මලාවි යන රටවල් වල සංචාරයේ නියත වූ මෙම දේපළගේ අවසන් රාජකීය නිල සංචාරයද එය වන අතර මෙම සංචාරය බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ සංචාරයක් බවට පත් වුනා.
එමෙන්ම අද ප්රකාශයට පත් කරන ලද රාජකීය ගිණුම් වලින් වැඩිදුරටත් සදහන් වන්නේ නියමිත ගුවන් ගමන් සඳහා ඩොලර් 245,643 ක් සහ ඔවුන්ගේ පිරිවර සඳහා පුද්ගලික ජෙට් යානයක් භාවිත කර ඇති අතර එය වසරේ වඩාත්ම මිල අධික රාජකීය සංචාරය බවට පත්ව ඇති බවයි.

