හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
Friday, 25 September 2020 - 15:35 | Views - 776
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව හෙට රාත්‍රී අටේ සිට පසුදින පෙරවරු හය දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්රදේශවලටයි.
මීට අමතරව කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
Share This Article