හිනිදුම ගමක් කළඹමින්, නාන කාමරය තුළ මිය ගිය කාන්තාවගේ මරණය,ඝාතනයක් බව හෙළි වෙයි
Friday, 25 September 2020 - 15:28 | Views - 1,413
හිනිදුම, තලන්ගල්ල ප්‍රදේශයේ දී නිවසක නාන කාමරය තුළදී ඝාතනයට ලක්වූ දෙදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා ඊයේ (24 දා) අලූයම අත්අඩංගුවට ගත් බැව් හිනිදුම පොලිසිය පවසනවා.
 
අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

මොහු ගුවන් හමුදාවේ සේවය කොට ඉන් ඉවත් වූ අයෙකු බවයි වාර්තා වන්නේ.
 
මෙකී දෙදරු මවගේ මරණය සිදුවී ඇත්තේ ගෙල සිර කිරීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වීමෙන් පසු පොලිසිය විසින් මෙකී ඝාතනය පිළිබඳ කරනු ලැබූ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
 
සැකකරු මුලදී පවසා ඇත්තේ පාසල් ගොස් සිටි දරු දෙදෙනා රැගෙන නිවසට විත් බලන විට ඇය නිවසේ නාන කාමරය තුළ වැටී සිට ඇති බවයි.
 
එහෙත් පොලිසිය විසින් මෙකී ඝාතනය පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කොට තිබෙනවා.
 
එහිදී සැකකරු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කොට ඇත්තේ නාන කාමරය තුළදී බිරිඳ සමග පොර බැදු බවත්, එහිදී ඇය බිම ඇද වැටුණු බවයි.
 
මියගිය කාන්තාවගේ සිරුරේ ස්ථාන කිහිපයක පහරදීමේ තුවාල තිබූ බවද පොලිසිය පැවසුවා.
 
සැකකරු කලක් සිය බිරිඳ සමග විදේශතව සිට පැමිණ ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
 
පසුව මොවුන් දෙදෙනා අතර පවුල් ආරවුල් ඇතිවී තිබෙන අතර මේ ගැන පොලිසියටද පැමිණිලි ලැබී තිබෙනවා.
 
පොලිසිය විසින් මොවුන් දෙදෙනා සාමදාන කොට යවා ඇති බව සඳහන්. සැකකරු උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
දෙදරු මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කරනු ලැබුවා.
 
හිනිදුම පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. එම්. ටී. පත්මකුමාර, ප්‍ර.පො.ප. දුණවිල බණ්ඩාර, පො.සැ. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් විසින් මෙකී ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූවා.
 
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල
උපුටා ගැනීම දිවයින පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top