ප්‍රවීන ඉන්දිය ගායක එස්.පී. බාලසුබ්රමණියම් අභාවප්‍රාප්ත වෙයි
Friday, 25 September 2020 - 13:58 | Views - 956
ප්‍රවීන ඉන්දිය ගායක එස්.පී. බාලසුබ්රමණියම් අභාවප්‍රාප්තවී තිබෙනවා.
74 වියෙහි පසු වූ ඔහු චෙන්නායිහි පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොරෝනා වෛරස් ආසාදනය වීම හේතුවෙන්, පසුගිය අගොස්තු 05 වනදා ඔහු රෝහල් ගත කළ කිරීමටයි ඔහුගේ පවුලේ පිරිස් කටයුතු කර තිබුණේ.
කෙසේ වෙතත් පසුගියදා රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එස්.පී බාලසුබ්රමණියම් කොරෝනාවලින් සුවය ලබා සිටි බවයි.
Share This Article