කොටියෙකු ඝාතනය කර මස් අලෙවිකළ කතුන් තිදෙනෙකු මාට්ටු
Friday, 25 September 2020 - 13:09 | Views - 493
කොටියෙකු ඝාතනය කර මස් අලෙවි කරමින් සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු උඩුදුම්බර ප්රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර අඹු-සැමි යුවලක් ද සිටින බවයි වාර්තාවන්නේ.
එහිදී පොලිසිය විසින් මස් අලෙවි කිරිමට යොදාගත් ත්රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
උඩදුම්බර කලල්ගමුව ප්රදේශයේ් දි ඌරන්ට ඇටවු මන්දකට මෙම කොටියා හසු වි ඇති බවයි මූලීක විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අනතුරුව සැකකාර පිරිමි පුද්ගලයන් දෙදෙනා විසින් කොටියා ඝාතනය කර ඇති අතර කාන්තාවද ඒ සඳහා එක්වී ඇති බවයි සඳහන් වන්නේ.
සැකකරුවන් කලල්ගමුව සහා වේරපිටිය ප්රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.
අනතුරුව එක් සැකකරුවෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී මියගිය කොටියාගේ මස් හා ශරිර කොටස් හමුවී ඇති බවයි සඳහන් වන්නේ.
උඩුදුම්බර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article