කොටියෙකු ඝාතනය කර මස් අලෙවිකළ කතුන් තිදෙනෙකු මාට්ටු
Friday, 25 September 2020 - 13:09 | Views - 494
කොටියෙකු ඝාතනය කර මස් අලෙවි කරමින් සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු උඩුදුම්බර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර අඹු-සැමි යුවලක් ද සිටින බවයි වාර්තාවන්නේ.

එහිදී පොලිසිය විසින් මස් අලෙවි කිරිමට යොදාගත් ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

උඩදුම්බර කලල්ගමුව ප්‍රදේශයේ් දි ඌරන්ට ඇටවු මන්දකට මෙම කොටියා හසු වි ඇති බවයි මූලීක විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අනතුරුව සැකකාර පිරිමි පුද්ගලයන් දෙදෙනා විසින් කොටියා ඝාතනය කර ඇති අතර කාන්තාවද ඒ සඳහා එක්වී ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් කලල්ගමුව සහා වේරපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.

අනතුරුව එක් සැකකරුවෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී මියගිය කොටියාගේ මස් හා ශරිර කොටස් හමුවී ඇති බවයි සඳහන් වන්නේ.

උඩුදුම්බර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top